Main Menu
main-banner

eWorks යනු කුමක්ද?

eWorks CMMS මෘදුකාංගය යනු නඩත්තු සේවකයින්ගේ කාර්යය පහසු කිරීම සඳහා සංවර්ධනය කරන ලද පරිගණකගත නඩත්තු කළමනාකරණ පද්ධතියකි  

eWorks CMMS වෙත මාරුවී පැතුරුම්පත් (spreadsheets), වයිට්බෝඩ්, මතක සටහන් පෑඩ් සමඟ කාලය නාස්ති කිරීම නවත්වන්න. eWorks CMMS තුලින් ඔබගේ නඩත්තු හිසරදය අවමකිරීම, උපකරණවල කාර්යක්ෂමතාව සහ ආයු කාලය වැඩි කිරීමට සහාය වන්න.

eWorks පරිගණකගත නඩත්තු කළමනාකරණ පද්ධතිය අත්හදා බලන්න

සියළු විශේෂාංග සහිත CMMS මෘදුකාංගය

main_dashbordප්‍රධාන පුවරුව

පරිපාලකයින්ට සහ පරිශීලකයින්ට පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමට උපකාරි වන සියළු නඩත්තුකාරක දර්ශක සහිත ගොඩබෑමේ පිටුව

asset_registerඋපකරණ කළමනාකරණය

මෙම පිටුවෙන් සියළු උපකරණයන්හි පිරිවිතර, නඩත්තු ක්‍රියාකාරකම්, අමතර කොටස්, ලේඛන සහ එම උපකරණයට අදාල සියළු විස්තර ලබාගත හැක,

all_work_orders    වැඩ ඇණවුම්

සම්පුර්ණ කරන ලද සහ අසම්පූර්ණ සියලුම වැඩ ඇණවුම් පිළිබඳ වාර්තාවන්, අමතර කොටස් අවශ්‍යතා, ආරක්ෂිත සටහන් සහ පිලිපැදය යුතු විශේෂ උපදෙස් සනිටුහන් කල හැක.

pm_by_weekවැළැක්වීමේ නඩත්තුව

කාලය මත සහ භාවිතය මත පදනම් කරගත් නඩත්තු සැලසුම් කිරීම් සමග අනපේක්ෂිත බිඳවැටීම් අවම කිරීම. eWorks CMMS පද්ධතිය මගින් මෙම සැලසුම් ස්වයංක්‍රීයව නිරීක්ෂණය කරනු ලැබේ.

kpi_statisticsකාර්ය සාධන දර්ශක

තීරණ ගැනීම සහ නඩත්තු ප්‍රතිපත්ති සම්පාදනය පහසු කිරීම සදහා උපකරණවල සියලුම ප්‍රධාන කාර්ය සාධන දර්ශක (Key Performance Indicators - KPI's) පරිපාලකයින් හට ප්‍රදර්ශනය කල හැක.

sus_data_electතිරසාරත්වය

තිරසාරත්ව මොඩියුලය පරිභෝජනය කරන සියළුම බලශක්තීන් පිළිබඳ වාර්තාවක් තබා ගනිමින් සපයා ඇති මිණුම් දඩු සමඟ සංසන්දනය කරමින් කාබන් පාද මුද්‍රණය මැනීම දක්වා යොදාගත හැක.

ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී, ඕනෑම උපාංගයක් සමග...

ඔබගේ කාර්යබහුල කාලසටහන සමඟ ඔබ කොහේ සිටියත්, eWorks CMMS බිඳවැටීම් සහ අළුත්වැඩියා කිරීමේ සියලු ක්‍රියාකාරකම් සහ ඉන්වෙන්ටරි අවශ්‍යතා පිළිබඳ තොරතුරු සමඟ ඔබව යාවත්කාලීන කරයි.

මෙවන් විශේෂාංග සමග ඔබ වෙත ගෙන එන eWorks CMMS මෘදුකාංගය, ඵලදායී නඩත්තුකරන කළමනාකරණ තීරණ ගැනීම තුලින් ඔබව අන් අයට වඩා ඉදිරියෙන් යොමු කරනු ලබයි.

web_layout

නිෂ්පාදන

නිෂ්පාදන CMMS - eWorks

නිසි නඩත්තු කටයුතු සමඟ නිෂ්පාදන යන්ත්‍රෝපකරණවල කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා eWorks CMMS මෘදුකාංගය නිර්මාණය කර ඇත. මෙමගින් ලබාගන්නා සියලු බිඳවැටීම් සහ නඩත්තු දත්ත ඇසුරින් පුරෝකථන නඩත්තු ක්‍රියාවලිය බලගන්වා ඇත.

 

බලඇණි කළමනාකරණය - eFLEET

eFleet යනු වාහන සමූහ සේවා සහ නඩත්තු කලමණාකරන මෘදුකාංගයකි. මෙය අනපේක්ෂිත වාහන බිඳවැටීම් අවම කිරීමට, පිරිවැය, ඉන්ධන, අළුත්වැඩියා, ටයර් නියාමනය සහ බිඳවැටීම් කළමනාකරණය වැඩි දියුණු කිරීමට යොදාගත හැක.

si_LKසිංහල
si_LKසිංහල en_USEnglish