Main Menu

eWorks විසඳුම

eWORKS CMMS මෘදුකාංගය අප විසින් නිෂ්පාදන, ආගන්තුක සත්කාර, කර්මාන්තවල සහ හමුදා අත්දැකීම් ආශ්‍රයෙන් සැලසුම් කර ඇත. මූලික නඩත්තු කටයුතු කළමනාකරණයට අමතරව මෘදුකාංග පැකේජය තිරසාර කළමනාකරණය (Sustainability) කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.

eWorks භාවිතා කරන්නන් හට eWorks Lite, eWorks Pro හෝ eWorks Enterprise ‍යනුවෙන් තෝරා ගැනීමට විකල්ප තුනක් ඇත. පසු මෘදුකාංග තිරසාර කළමනාකරණ මොඩියුලය සමග නිශ්පාදනය කර ඇත.

eWorks Lite කුඩා ස්ථාපනයන් සඳහා වන අතර eWorks Pro විශාල ස්ථාපනයන් සඳහා සුදුසු වේ. eWorks Enterprise මද්‍යස්ත අධීක්ෂණ පහසුකම් සහිත බහු ස්ථාපනයන් සඳහා වඩාත් සුදුසු වේ.

මෙම මෘදුකාංග මොඩියුල ඉතා සරල වැඩ ඇණවුමේ සිට, නිවාරණ නඩත්තු කිරීම, උපකරන කළමනාකරණය, තිරසාර දර්ශක (KPI’s) සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක ඇතුළත් වේ. මෙම මොඩියුල නඩත්තුකරනයේ සියලුම අංග ලේඛනගත කිරීම සහ කළමනාකරණය කිරීමට භාවිතා කරනු ලැබේ.

eWorks තාක්ෂණය

අභිරුචිකරණය ප්‍රායෝගිකව කළ නොහැකි, “භාවිතා කිරීමට සූදානම්” සදහන් මෘදුකාංග මෙන් නොව - eWorks CMMS මෘදුකාංගය ප්‍රායෝගික ගැටළු, සීමාවන් සහ පරිශීලකයන්ගේ විශේෂිත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සංවර්ධනය කර ඇත.

සියලු eWorks CMMS විසඳුම් සහ පරිශීලක ගිණුම් අන්තර්ජාල වලාකුළු ආචයන තාක්‍ෂණය භාවිතයෙන් ගබඩා කිරීම සිදුකර ඇත. මෙය අන්තර්ජාලයේ තාර්කික තටාකවල ඩිජිටල් දත්ත ගබඩා කිරීමේ ආකෘතියකි. මෙමගින් භෞතික ආචයනය ඉහළ මට්ටමක පවත්වාගැනීමටත්, විශ්වාසදායක සේවාවක් ලබාදීමටත් ඉඩ පහසුකම් සැලසී ඇත

අපගේ ගබඩා කර ඇති සියලුම දත්තවල ආරක්ෂාව 100% ක අගයක් මත ඉහළ විශ්වසනීයත්වයක් හෙබි වලාකුළු සේවාදායකයන් සමග ඇමරිකා එක්සත් ජනපදයේ / සිංගප්පූරුවේ ස්තාපනය කර ඇත ඇති අතර ඉහළ කාලීන සහ ඉහළ අතිරික්ත සාධකයන් යටතේ ගබඩා කර ඇත.

50cmms-technology-oq0xh9dppp6r9rp7coagcmvuajk602y7n730k1a17k

eWorks පරිගණකගත නඩත්තු කළමනාකරණ පද්ධතිය අත්හදා බලන්න

cmms-sustainabiliy

Efficiency  & Sustainability

eWorks CMMS විසින් මෙහෙයුම් කාර්ය මණ්ඩලය පරිගණක ඇලවූම් බවට පත් නොකරයි. නඩත්තු සේවකයින් නව රැකියා පැමිණීම දැනුම් දීම, කාර්මික ශිල්පීන්ට පැවරුම් දැනුම් දීම සහ රැකියාව අවසන් වූ වහාම ආරම්භකයාට දැනුම් දීම සඳහා කෙටි පණිවුඩ (කෙටි පණිවුඩ සේවය) භාවිතා කිරීමෙන් එය වඩාත් ඵලදායී වේ.

කඩදාසි සහ සම්පත් අවම වශයෙන් භාවිතා කිරීම තුලින් eWorks CMMS පද්ධතිය තිරසාර හා වඩාත් කාර්යක්ෂම වේ.

ඔබගේ නඩත්තුකරන ක්‍රියාවලිය තිරසාර ලෙස පවත්වාගනයාම සදහා අවශ්‍ය සියලුම අංග eWorks CMMS මෘදුකාංගයෙහි අඩංගුවේ.

eWorks CMMS හි විශේෂාංග

External Work Requests

නඩත්තු කණ්ඩායම් සදහා සාමාන්‍යයෙන් ඔවුන්ගේ ආයතන තුලින් සහ පරිභාහිරව වැඩ විමසීම් ලගාවේ. මෙය යන්ත්‍රයකින් ඇසෙන අමුතු ශබ්දයක් හෝ යන්ත්‍ර ක්‍රියාකරුවකුගේ ඉල්ලීමක් විය හැකිය. eWorks CMMS විසින් මෙම ඉල්ලීම් ගබඩා කර එය අවසන් වන තෙක් නිරීක්ෂණය කරයි.

උපකරන ඉතිහාසය පටිගත කිරීම

නඩත්තුකරනෙයේදී සාමාන්‍යයෙන් වයස අවුරුදු 10, 15 හෝ 30 ට වැඩි උපකරන රැකබලා ගත යුතුය මෙම උපකරණවල අළුත්වැඩියා කිරීම්, පුනරාවර්තන බහුවිධ ඉතිහාසයක් තිබිය හැක. මේවායේ ගැටළු ඇති වූ විට, කාර්‍යක්ශමව විසදීම සදහා ගැටළුව අවසන් වරට විසඳා ඇත්තේ කුමක්ද සහ කෙසේද යන්න බැලීම සැමවිටම ප්‍රයෝජනවත් වේ. ඒ සදහා අවශ්‍ය යන්ත්‍රයේ ඉතිහාසය eWorks CMMS පසු දත්ත ගබඩාවෙන් ලබාගත හැකි අතර, මෙය අළුත්වැඩියාව පහසු සහ කර්‍යක්ශම කරවයි. මෙම දත්ත අවශ්‍යතාවය මත වාර්තා කටයුතු සඳහා මුද්‍රණය කල හැක.

විගණන සහ සහතික කිරීම්

(NCR’s) තහවුරු නොකිරීම් ඇතුළුව, සිදුකරන සෑම ක්‍රියාවක්ම වෙනස් කළ නොහැකි වාර්තාවන් ලෙස eWorks CMMS පද්ධතිය විසින් තබා ගන්නා බැවින් උපකරන ඉතිහාසය පහසුවෙන් විගණනය කළ හැකිය. මෙය නිසි නඩත්තු කටයුතු අවසන් කර ඇත්දැයි පරීක්‍ෂකවරයකුට තහවුරු කර ගත හැකි පහසු ක්‍රමවේදයකි. තවද අනතුරක්, රක්‍ෂණ වන්දි ගෙවීමක්, තත්ත්ව පරීක්‍ෂණයක් සඳහා මෙය ඉතා ප්‍රයෝජනවත් ලක්ෂණයකි. eWorks CMMS මධ්‍යගත පද්ධතියේ දත්ත ISO, EMS, EnMS, HACCP විගණන සහ වෙනත් සහතික ලබාගැනීම සඳහා පවත්වා ගත හැක.

උපකරණ නියාමනය

උපකරන බිදවැටීම් සහ නඩත්තුකරනයේදී ග්‍රහණය කරගත් දත්ත විශ්ලේශනයෙන්, නඩත්තු කළමණාකරුවන්ට ගැටළු සහගත උපකරණ තෝරා ගැනීමට, ගැටලුව විස්තර කිරීමට සහ කාර්යය කිරීම සදහා නිශ්චිත කාර්මිකයෙකු පත් කිරීමට හැකිය. කාර්මිකයා වැඩ ඇණවුම "සම්පූර්ණ" කර ඇති විටදී eWorks CMMS වැඩ කටයුත්ත අවසන් බව කෙටි පනිවිඩ සේවාව සහ විද්‍යුත් තැපැල් මගින් කළමනාකරුට දැන්වීමට හැක.

ඉන්වෙන්ටරි කළමනාකරණය

පොදුවේ ගත් කල නඩත්තු කණ්ඩායම්, යන්ත්‍ර අමතර කොටස්, තෙල් හා ග්‍රීස් වැනි අත්‍යවශ්‍ය සැපයුම් ගබඩා කර කළමනාකරණය කළ යුතුය. eWorks CMMS ඉන්වෙන්ටරි මොඩියුලය* (විකල්ප) සමගින් අයිතම කීයක් ගබඩා කර ඇත්ද, අලුත්වැඩියා කිරීමේදී කොපමණ ප්‍රමාණයක් භාවිතා කර ඇත්තේද? සහ නව කොටස් ඇණවුම් කිරීමට ඉඩ ලබාදේ. මෙය ඉන්වෙන්ටරි කළමනාකරණය ආශ්‍රිත වියදම් මනා ලෙස පාලනය කිරීමට උපකාරී වේ.

කාර්යයන් උපලේඛනගත කිරීම

නිවාරණ නඩත්තු උපලේඛනගත කිරීමේදී වැඩ දින දර්ශනයක් අවශ්‍ය වේ. eWorks CMMS මෘදුකාංගය මෙම පුනරාවර්තන කටයුතු උපලේඛනගත කිරීම, පුද්ගලයින්ට සහ නඩත්තු කණ්ඩායම්වලට ඊමේල් සහ පරිගනක මාර්ගයෙන් දැනුම්දීම සදහා යොදාගත හැක. එබැවින් එම කාර්යයන් අතපසුවීම් වලක්වා ගත හැක.

 

eWORKS Lite

eWORKS ProeWORKS Enterprise
උපකරණ කළමනාකරණයX (500 items)X (1000 items)X (5000 items)
වැඩ ඇණවුම් කළමනාකරණයXXX
වැළැක්වීමේ නඩත්තුවXXX
වැඩ ඇණවුම් සංඛ්‍යාලේඛනXXX
නඩත්තුකරන දර්ශකXXX
බහු අඩවි අධීක්ෂණය*   X
EnPI දර්ශක  X
තිරසාර වාර්තා සැපයීම XX
කොටස් ලේඛන කළමනාකරණය XX
කෙටි පණිවුඩ දැනුම්දීම්* XX
පරිශීලක මට්ටම්XXX
වාර්තා (පෙර නිර්වචනය කරන ලද)**XXX
ව්‍යාපෘති ඇගයීම සහ eWorks CMMS පුහුණුව***XXX
පරිශීලක ගිණුම් ප්‍රමාණය71550

eWorks CMMS තුලින් ඔබට උදව් කල හැක්කේ කෙසේද?

නඩත්තු කළමණාකරණයේ ආතතිය eWorks CMMS භාවිතය මගින් අවම කළ හැක.

බිද වැටීම්, නඩත්තු කිරීම, පරිපාලනය සමග සබැදුනු සෑම ක්‍රියාකාරකමක්ම අධීක්ෂණය, පාලනය කිරීමට අවශ්‍ය සරල, ඵලදායී මෙවලමක් ලෙස eWORKS ඩිජිටල් වේදිකාව ඔබට සහාය වේ.

නියමිත ලෙස නඩත්තු කරන ලද උපකරණ අඩු බිඳවැටීම් වලට හේතු වන අතර අළුත්වැඩියා සහ ප්‍රතිස්ථාපන පිරිවැය අඩු කරයි. සෘජු හා ගිනුම් ගත කලහැකි ඉතිරියක් ලබාදේ.

නිසි පරීක්ෂාවන් සහ නියමිත නඩත්තු කිරීම් සමඟ, උපකරණ අවම බිඳවැටීම් සමඟ වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරයි.

උපකරණ නඩත්තු ඓතිහාසික දත්තවල සිට වර්තමාන වැඩ ඇනවුම් දක්වා ඇති සෑම විස්තරයක්ම වේගවත් හා නිවැරදිව අධීක්ෂණය සඳහා සටහන් වේ

එක් එක් උපකරන පිලිබදව ගබඩා කර ඇති දත්ත විශාල ප්‍රමාණයක් විශ්ලේශන අරමුණු සඳහා පහසුවෙන් ලබා ගත හැකි අතර එම දත්ත අධීක්ෂණය කිරීමෙන් අවශ්‍ය ලෙස නඩත්තු ප්‍රතිපත්ති නිර්මාණය කල හැක.

සවිස්තරාත්මක ඉන්වෙන්ටරි කළමනාකරණය මඟින් අමතර කොටස් මට්ටම් අධීක්ෂණය කිරීමට, මිලදී ගැනීමට සහ නියමිත වේලාවට ප්‍රතිස්ථාපනය කිරීමට ඉඩ සැලසේ.

si_LKසිංහල
si_LKසිංහල en_USEnglish