Main Menu

සැලසුම් සහගත නඩත්තුව යනු කුමක්ද?

සැලසුම් කිරීමේ වටිනාකම සෑම කර්මාන්තයක් තුළම පැහැදිලිව පෙනෙන අතර, විශේෂයෙන් නඩත්තු කිරීමේදී, නඩත්තු කාර්යයන් නිසි ලෙස සැලසුම් කිරීම සමාගමක සමස්ත සාර්ථකත්වයට තීරණාත්මක විය හැකිය. නඩත්තු කාර්යයන් සම්පූර්ණ කළ යුත්තේ කෙසේද?, ඒවා සිදු කරන්නේ කෙසේද?? සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් මොනවාද?? යන්න හඳුනා ගැනීම සඳහා වැය කරන කාලය හා ශ්‍රමය මෘදුකාංග සමග සැලසුම් කළ උපකරණ භාවිතය සහ නඩත්තු වියදම් අවමකිකීම තුළින් ලාභාංශ ගෙවනු ඇත. සැලසුම් සහගත නඩත්තු කිරීම පිටුපස ඇති මූලික සිද්ඪාන්තය මෙය වේ.

සැලසුම් කළ නඩත්තු කිරීම බොහෝ විට නියමිත නඩත්තු කිරීම සමඟ සමානතාවයක් පෙන්වනු ලැබුවත්, ඇත්ත වශයෙන්ම එම ක්‍රියාකාරකම් සමස්ත නඩත්තු සැලැස්මක කොටසක් ලෙස එකට ක්‍රියාත්මක කළ හැකි ස්වාධීන ක්‍රියාකාරකම් වේ. සැලසුම් සහගත නඩත්තු කිරීම “බර ඉසිලීමේ” අංගයක් ලෙස සැලකිය හැකි අතර, මෙයට පරීක්ෂා කිරීම, විශ්ලේෂණය, සාම්ප්‍රදායික වැළැක්වීමේ සහ පුරෝකථන නඩත්තු පිළිවෙත් ඇතුළත් කල හැක.

කාලය හා ආරක්ෂාව උපරිම කිරීම සඳහා කෙටිකාලීන හා දිගු කාලීන ක්‍රියාකාරකම්වල වඩාත් ඵලදායී සංයෝජනය තීරණය කිරීම සඳහා අසමත් වීම්, උපකරන ආයු කාලය සහ අළුත්වැඩියා කිරීමේ ඉතිහාසය විශ්ලේෂණය කළ හැකිය. එම පදනම ස්ථාපිත කිරීමත් සමඟම, නඩත්තු මෘදුකාංග භාවිතා කරමින් නියමිත නඩත්තු කිරීම මඟින් පද්ධතිය නිසි ලෙස පවත්වා ගෙන යන සම්පත්, දිනයන් සහ වේලාවන්හි සංකීර්ණත්වය සැරිසැරීමට උපකාරී වේ. 

සැලසුම් කළ නඩත්තු කිරීමේ වාසි මොනවාද?

පොදුවේ ගත් කල, සැලසුම් සහගත නඩත්තු කිරීම සෘජු ප්‍රතිලාභ සපයයි. එසේ වන්නේ සැලසුම් නොකළ බිඳවැටීම් අවමවීම්, අමතර කොටස් සහ ශ්‍රම වියදම් අඩුවීම් මගින්. එමගින් එසේ සැලසුම් කළ නඩත්තු පද්ධතියට වෙන් කරන ලද ආයෝජයනයේ සඵලතාවය ඉහල අගයක් කරා යොමු කරනු ඇත.

මෙහිදී අළුත්වැඩියා කිරීමේ පිරිවැය අවම කර ගත හැකි මූල හේතු හඳුනාගෙන ව්‍යසනකාරී අසමර්ථතාවයන් මඟහරවා ගැනීම සඳහා සැලසුම් කර ඇති නඩත්තු කිරීම සිදු කරයි. වඩාත් උපායමාර්ගික සැලසුම්ගත නඩත්තු කටයුතු තුළින් උපකරනයන්හි ආයු කාලය දීර්ඝ කළ හැක.

ප්‍රශස්ත නඩත්තු සැලැස්මක් නිර්මානය කිරීමේදී නඩත්තු වියදම්, උපකරණවල වටිනාකම සහ ඵලදායිතාවේ බලපෑම යන පරාමිතීන් තුලනය කිරීමේ ක්‍රියාවකි. මෙහිදී නඩත්තු සැළසුම් සහ උපලේඛනගත කිරීමේ ක්‍රියාවලියකින් මූල හේතුව (Root Cause) සහ විශේශිත (critical equipment) හි ප්‍රමුඛතාවය මැනිය හැකි නමුත් සමානව වැදගත් විය හැකි වක්‍ර ප්‍රතිලාභ කෙරෙහි අවධාරණය යොමු කිරීම ද ඇතුළත් ය.

හොඳින් සැලසුම් කළ සම්බන්ධීකරණ ක්‍රියා පටිපාටි මගින් සේවක ආතතිය හා ව්‍යාකූලත්වය අඩු වන අතර වඩාත් ස්ථාවර නඩත්තුකරන භාවිතයන් ප්‍රවර්දනය වේ. මෙම පොදු ක්‍රීයාවලීන් සේවකයින් අතර හරස් පුහුණුව සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කරන අතර එමඟින් නඩත්තු කන්ඩායම් හි චිත්ත ධෛර්යය වැඩි වේ.

මෙහි ඇති වැදගත්ම අංගය වන්නේ සැලසුම් සහගත නඩත්තු කිරීමේදී, අනතුරුදායක බිඳවැටීම් හා බාධා කිරීම් වලට නිරාවරණය වීම සීමා කිරීමෙන් සේවකයාගේ සහ සේවා ස්ථානවල ආරක්ෂාව වැඩි දියුණු කිරීමයි.

eWorks පරිගණකගත නඩත්තු කළමනාකරණ පද්ධතිය අත්හදා බලන්න

සැලසුම් සහගත සහ ප්‍රතික්‍රියාකාරී නඩත්තුව සන්සන්දනාත්මකව

ප්‍රතික්‍රියාශීලී නඩත්තු කිරීම යනු සැලසුම් සහගත නඩත්තු කටයුතුවල ප්‍රතිවිරුද්ධ දෙය ලෙස සැලකිය හැකිය. මෙම ප්‍රවේශය “අසාර්ථකත්වයට දිව යන්නා” ලෙසද අර්ථදැක්විය හැක. මෙහිදී කිසියම් උපකරනයක් අසමත් වන තුරු කිසිදු ප්‍රතිචාරයක් අවශ්‍ය නොවන බැවින්, සැලසුම් සහගත වැළැක්වීමේ නඩත්තු කිරීමක් හෝ උපකරණවල ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම අවශ්‍ය නොවේ. පවතින නඩත්තු වියදම් ද විශාල වශයෙන් අඩු වේ. එනමුදු මෙම ප්‍රවේශයේ පැහැදිලි අවාසිය නම් ඕනෑම වේලාවකදී අලුත්වැඩියාවක් හෝ ඉතා මිල අදික ප්‍රතිස්තාපන වියදම් සමඟ සම්පූර්න නිශ්පාදන ක්‍රියාවලියම ඇනහිටීමේ සම්භාවිතාව උපරිම වීමය.

සැලසුම් සහගත නඩත්තු කිරීමේදී අධීක්ෂණය, විශ්ලේෂණය සහ ක්‍රියාකාරී සේවා භාවිතා කරමින් මිල අධික බිඳවැටීම් වළක්වා ගැනීම සහ සුළු ගැටළු උත්සන්න වීමට පෙර විසඳීමට හැක. මෙමගින් යම්කිසි උපකරනයක් අසාර්ථක වීමට තුඩුදෙන මූලාශ්‍ර සොයා සැලසුම් සහගත ක්‍රියාකාරකම් සැලසුම් කර ඊළඟ සැලසුම් නඩත්තු චක්‍රය පැමිණෙන තෙක් උපරිම මෙහෙයුම් තත්ත්වය පවත්වා ගැනීමට පුලුවන. ප්‍රතික්‍රියාශීලී නඩත්තු කිරීම මෙන් නොව, සැලසුම් සහගත ප්‍රවේශය මඟින් අමතර කොටස් පරිභෝජනය, නියමිත වේලාවට උපකරනවල ආයු කාලය සම්බන්ධයෙන් පුරෝකථනය කළ හැක.

සැලසුම් සහගත සහ නිවාරණ නඩත්තුව නඩත්තුව සන්සන්දනාත්මකව

නිවාරණ නඩත්තු කිරීම යනු නිසිලෙස ක්‍රියාත්මක වන උපකරණ මත පූර්ව නිශ්චිත කාල පරාසයන්හි සිදු කරනු ලබන සාමාන්‍ය නඩත්තු කිරීමක් ලෙස අර්ථ දැක්විය හැක. වැළැක්වීමේ නඩත්තු කාර්යයන් වනුයේ පරීක්ෂණ, ගැලපීම්, පිරිසිදු කිරීම, ලිහිසි කිරීම සහ වෙනත් විවිධ ක්‍රියාකාරකම් තුළින් උපකරණ සුමටව පවත්වා ගෙන යාම වේ. සැලසුම් කිරීම යනු ඕනෑම වැළැක්වීමේ නඩත්තු පද්ධතියක තිබිය යුතු වැදගත්ම අංගයක් වේ.

වැළැක්වීමේ නඩත්තු සැලසුම් වලට කාලය හෝ භාවිතය මත පදනම් විය හැකි ප්‍රේරක ඇතුළත් වේ. මෙම ප්‍රේරක බොහෝ විට ස්ථාපිත වන්නේ නිෂ්පාදකයාගේ නිර්දේශයන් මත උපකරණ සඳහා යොදන සම්මත කාල පරාසයන් මතය. (උදා: මාස 6, අවුරුදු1, අවුරුදු2) මෙම නඩත්තු ප්‍රවේශයට බිඳවැටීම් වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත කාල පරතරයන් ස්ථාපිත කිරීම සඳහා ප්‍රවේශමෙන් විශ්ලේෂණය කරන ලද ඓතිහාසික සමාලෝචන ඇතුළත් වේ. මෙමගින් අනවශ්‍ය ලෙස අමතර කොටස් සහ කාලය වැයවීම නවතා දැමිය හැක.

සැලසුම් කිරීම වැළැක්වීමේ නඩත්තු ක්‍රියා පටිපාටි සහ වැඩ ඇණවුම් කිරීමේදී ඉතා වැදගත් වේ. පැහැදිලි උපදෙස් සහ ඉලක්කගත සැලසුම් කළ නඩත්තු මෙහෙයුම් මඟින් කාර්යයන් විධිමත් කරනු ඇති අතර මෙය නඩත්තුකරනයේ කාර්යක්ෂමතාව වැඩි කරනු ඇත.

eWorks පරිගණකගත නඩත්තු කළමනාකරණ පද්ධතිය අත්හදා බලන්න

මෘදුකාංගත නඩත්තු කිරීම හා උපලේඛනගත කිරීම

මෘදුකාංගත නඩත්තු කිරීම සහ උපලේඛනගත කිරීම තුලින් නඩත්තුකරන ක්‍රියාවලිය ස්වයංක්‍රීය වීමෙන් ක්‍රියාවලීන් ප්‍රමිතිකරණය කිරීම සහ සම්පත් දෘශ්‍යතාව වැඩි කිරීම තුල නඩත්තු කාර්යක්ෂමතාව වැඩි කරයි.

eWORKS CMMS මෘදුකාංගය ස්ථාවර වැඩ පිළිවෙත් සදහා සහාය වන සැලසුම්ගත නඩත්තු පද්ධතියක් ස්ථාපිත කිරීමට හා නඩත්තු කිරීමට අවශ්‍ය මෙවලම් සහ විශේෂාංග සපයයි. මෙහිදී නඩත්තු කාර්යයන් ස්ථාපිත කිරීම සහ අනාගත අවශ්‍යතා ගණනය කිරීම හා කාර්යයන් සම්පූර්ණ කරන වේලාවන් ස්වයංක්‍රීයව නිරීක්ෂණය කළ හැකිය. මෙමගින් දත්ත එක්රැස් කිරීම සහ විශ්ලේෂණයන් අඩු කරන අතරම eWorks CMMS මෘදුකාංගය භාවිතයෙන් මෙම අරමුණු වලට සෘජුවම සහාය වීමට හැක.

si_LKසිංහල
si_LKසිංහල en_USEnglish