Main Menu
50pred-maint-oq1vbbj04qg9xsjf48aisb0noseof9v9f6m87vxo5k

පුරෝකථන නඩත්තුව

පුරෝකථන නඩත්තු කිරීම යනු උපකරණවල වර්තමාන තත්ත්වය අධීක්‍ෂණය කර විශ්ලේෂණය කරන උපායමාර්ගයක් වන අතර එමගින් බිදවැටීම් සිදුවීමට පෙර උපකරණවල අසාර්ථකත්වය පුරෝකථනය (Predict) කළ හැකිය. පුරෝකථන නඩත්තු කිරීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ප්‍රශස්ත ලෙස නඩත්තු උපලේඛනගත කිරීම සහ උපකරණ අක්‍රීය වීම අවම කිරීමය.

පුරෝකථන නඩත්තු කිරීමේදී අධීක්ෂණයේදී එකතු කරගන්නා ලද දත්ත භාවිතාකර. කාර්ය සාධනය පිරිහීම (performance degradation) හෝ බිදවැටීම් වැනි සිදුවිය හැකි අවස්ථා සහ එහි බරපතලකම තීරණය කිරීම සිදු කරනු ලබයි. මෙය තථ්‍ය කාලීන (real time) උපකරණ තක්සේරු කිරීම මත පදනම්ව සිදුකරන බැවින් නඩත්තු කාර්යයන් වඩාත් නිවැරදි හා ලාභදායී ආකාරයකින් සිදු කිරීමට ඉඩ ප්‍රස්තා ලබාදේ.

ඵලදායී පුරෝකථන නඩත්තු වැඩසටහනක් සඳහා වන පූර්වාවශ්‍යතාවන් භාවිතා කරන සංවිධානය සහ උපකරණ විශේශය මත පදනම්ව වෙනස් විය හැකි නමුත්, ඕනෑම පුරෝකථන නඩත්තු වැඩසටහනක් සාර්තක කර ගැනීම සඳහා උපකරණවල මූලික කොන්දේසි ස්ථාපිත කිරීම, ප්‍රවේශමෙන් සැලසුම් කිරීම සහ පර්යේෂණ කිරීම සැමවිටම වැදගත් වේ.

පුරෝකථන නඩත්තුකරනයේ වාසි

පුරෝකථන නඩත්තුකරනයේ ඇති වාසි බොහෝ පුළුල් පරාසයක පවතී. එයින් වඩාත්ම වැදගත් වන්නේ අඛණ්ඩව නඩත්තු වියදම් අඩුවීමයි. පුරෝකථන නඩත්තු කිරීම වර්තමාන උපකරන තත්වයන් හා කාර්ය සාධනය මත පදනම්ව අභිරුචිකරණය (customizing) කිරීමෙන් සාම්ප්‍රදායික නඩත්තු ක්‍රම හා සම්බන්ධ අතිරික්තතාව (redundancy) ඉවත් කරයි. පෙර නිර්වචනය කළ (pre-defined) නඩත්තු කාලසටහන් තුලින් කාලය, ශ්‍රමය සහ කොටස් අඩු කිරීමෙන් සම්පූර්න්ණ නඩත්තු වියදම් 50% හෝ ඊට වැඩි අගයක් දවා පහත හෙලිය හැක.

පුරෝකථන නඩත්තු කිරීම තුල අනපේක්ෂිත උපකරණ බිදවැටීම් සැලකිය හැකි ලෙස අඩු කළ හැකිය. දෝශ ශහිත හෝ ගෙවීගිය කොටසක් පෙර සැකසූ නඩත්තු චක්‍රයක් තුල මග හැරි තිබිය හැක. එනමුදු මෙම කොටස නිසා නිෂ්පාදනයේ තත්වයේ පිරිහීමක් ඇතිවිය හැක. . පුරෝකථන නඩත්තු කිරීමට ආවේනික වූ අධීක්ෂණය සහ විශ්ලේෂණ මඟින් සහ ක්‍රියාකාරී ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමෙන් මෙම තත්වයන් අවම කරගත හැක. මෙතුලින් දිර්ඝ උපකරණ ආයු කාලයක්, අවම දෝශ නිරාකරණය සහ පුරෝකථනය කළ හැකි ධාරිතා සැලසුම් ඉදිරිපත් කල හැක.

පුරෝකථන නඩත්තු කිරීම තුළින් අමතර කොටස් ඉන්වෙන්ටරි අඩු කර එය විධිමත් කළ හැක. සැලසුම් සහගත ලෙස අමතර කොටස් ප්‍රතිස්ථාපනය හා සැලසුම් නොකළ බිදවැටීම් යන ක්‍රමවේදයන් සදහා අමතර කොටස් තොගයක් ගබඩා කරනවා වෙනුවට, අමතර කොටස් “අවශ්‍ය පරිදි” ලබා ගත හැක. මෙහිදී පුරෝකථන ප්‍රතිපෝෂණය (predictive feedback) මඟින් කොටස් ප්‍රතිස්ථාපනය සඳහා කාල පරාසයක් (lead time) නිර්මාණය කර දේ.

පුරෝකථන නඩත්තු කිරීමේ විශ්ලේෂණාත්මක ශක්තිය සමඟ ඓතිහාසික දත්ත ඒකාබද්ධ කර කාලයත් සමඟ උපකරණවල ක්‍රියාකාරිත්වයේ වෙනස්වීම් විශ්ලේශනයෙන් වක්‍ර වාසි ලබාගත හැක. මෙහිදී සේවා කාලය (Service Life) සහ බිදවැටීම් අතර මධ්‍යන්‍ය කාලය (Mean Time Between Failures - MTBF) වඩාත් නිවැරදිව පුරෝකථනය කළ හැකි වන අතර එමඟින් වඩාත් ක්‍රමානුකූල ප්‍රාග්ධන වියදම් සැලසුම් කිරීමට හැකි වේ. මෙමගින් ව්‍යසනකාරී බිදවැටීම් වළක්වා ගැනීමටත්, යන්ත්‍ර ක්‍රියාකරුගේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ චිත්ත ධෛර්යය වැඩි දියුණු කළ හැකිය.

අධ්‍යයනවලින් හෙළි වී ඇති කරුණු අනුව, පුරෝකථන නඩත්තුව වැළැක්වීමේ නඩත්තුවට වඩා දළ වශයෙන් 8% සිට 12% දක්වා සහ ප්‍රතික්‍රියාශීලී නඩත්තුවට වඩා 40% දක්වා ඉතිරි කර දේ.

පුරෝකථන නඩත්තු මෘදුකාංගය

පුරෝකථන නඩත්තු කටයුතු කිරීමේදි, තත්වයෙන් උසස් පරිගණක ගත නඩත්තු කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් (CMMS) නොමැතිව එක් එක් උපකරණ සඳහා සුදුසු දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ගබඩා කිරීම කළ නොහැකි වනු ඇත. eWorks CMMS පද්දතිය මෙම අවශ්‍යතා වෙනුවෙන්ම නිපදවා ඇත.

ප්‍රවණතා කල්තියා හඳුනා ගත හැකි ඇල්ගොරිතම භාවිතා කරමින්, eWorks CMMS මෘදුකාංගය ස්වයංක්‍රීයව අනතුරු ඇඟවීම් සහ වැඩ ඇණවුම් ජනනය කළ හැකි අතර එමගින් කාලෝචිත නඩත්තු ප්‍රතිචාර සහතික කරන අතර අක්‍රීය අවදානම අවම කරනු ඇත. එබැවින් eWorks CMMS මෘදුකාංගය නඩත්තු ඉතිහාසය, වැඩ ඇණවුම් කළමනාකරණය, අමතර කොටස් ඉන්වෙන්ටරි පාලනය, උපකරන කළමනාකරණය සහ වාර්තා උත්පාදනය සඳහා කේන්ද්‍රීය වේදිකාවක් ලෙස eWorks CMMS හට අතිරේක වටිනාකමක් එක් කළ හැක.

eWorks පරිගණකගත නඩත්තු කළමනාකරණ පද්ධතිය අත්හදා බලන්න

පුරෝකථන නඩත්තු ROI (ආයෝජන මත ප්‍රතිලාභ)

eWorks CMMS භාවිතය තුල පුරෝකථන නඩත්තු පිරිවැය අඩු කිරීමට අමතරව, උපකරණවල අක්‍රීය කාලය 40% හෝ ඊට වැඩි ප්‍රමානයකින් අවප්‍රමානය කිරීමටත්, ඵලදායිතාව 25% දක්වා ඉහළ නැංවීමත් සමඟ ආරම්භක පිරිවැය ඉක්මණින් නැවත ලබා ගැනීමටත් සහ විවිධ කර්මාන්ත සදහා සමස්ත ROI සැපයුම සාමාන්‍යයෙන් 10x දක්වා ලගාවිය හැක.

පුරෝකථන නඩත්තු කිරීම සමග නඩත්තු වියදම් සැලකිය යුතු ලෙස අඩුවීම සහ මිල අධික අක්‍රියතාවයන් වලක්වා ගැනීමට බලය ඇති බැවින්, සාපේක්ෂව කෙටි කාලයක් තුළ සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දිය හැක.

si_LKසිංහල
si_LKසිංහල en_USEnglish