Main Menu

පරිගණකගත නඩත්තු කළමනාකරණ පද්ධතියක් යනු කුමක්ද?

CMMS නොහොත් පරිගණකගත නඩත්තු කළමනාකරණ පද්ධතියක් යනු නඩත්තු කළමනාකරණය විධිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග පැකේජයකි. ඔබේ සියලු නඩත්තු දත්ත පරිගණකයක් මත ගබඩා වනු ඇති අතර නඩත්තු මෙහෙයුම් පිළිබඳ සටහන් තබා ගැනීම පහසු කරයි. CMMS මෘදුකාංග සියළු නඩත්තු අවශ්‍යතා පහසුකම් සැලසීමට විශේෂයෙන් නිර්මාණය කර ඇත. CMMS මෘදුකාංග තුලින් කාර්යයන් සඳහා ප්‍රමුඛතාවය දීම, නඩත්තු තාක්‍ෂණ ශිල්පීන්ට ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සපයා දෙනු ලබයි. අවසාන වශයෙන්, ‘CMMS පද්ධතියක්’ විසින් අපේක්ෂා කළ හැකි සියලුම අංග සහ හැකියාවන් ගොනුකර නඩත්තු ශිල්පීන් හට විශිශ්ට සේවාවක් ලබාදේ.

වැඩ ඇණවුම් කළමනාකරණය විධිමත් කිරීම, වැළැක්වීමේ නඩත්තු කාර්යයන් ප්‍රශස්ත කිරීම, වටිනා අවශ්‍ය වාර්තා ජනනය කිරීම සහ තවත් බොහෝ දේ CMMS මෘදුකාංග මගින් බලගන්වනු සපයා හත හැක.

නඩත්තු මෘදුකාංග භාවිතා කළ යුත්තේ කවුරුන් විසින්ද?

නඩත්තු මෘදුකාංග භාවිතය විවිධ අංශවල පිහිටි සියලුම ප්‍රමාණයේ සමාගම් සදහා විශාල ලෙස ප්‍රයෝජනවත්වේ. CMMS මෘදුකාංගය සාමාන්‍යයෙන් නඩත්තු කළමණාකරුවන්, ඉංජිනේරුවන්, තාක්‍ෂණ ශිල්පීන්ගේ සහ යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ සහාය ඇතිව පරිපාලනය වේ.

පරිගණකගත නඩත්තු කළමණාකරණ පද්ධතිය (CMMS) යනු නඩත්තු කණ්ඩායම්වලට තමන් වගකිව යුතු සියළුම උපකරණ පිලිබද වාර්තාවක් තබා ගැනීමටත්, නඩත්තු කාර්යයන් උපලේඛනගත කිරීමටත්, ඒවා නිරීක්ෂණය කිරීමටත්, බිඳවැටීම් පිළිබඳ වාර්තා පවත්වා ගැනීමටත්, ඔවුන් ඉටු කරන කාර්යයන් පිළිබඳ ඓතිහාසික වාර්තාවන් තබා ගැනීමටත් උපකාර වන මෘදුකාංගයකි.

නඩත්තුකරන මෘදුකාංග ඉතා වැදගත් මෙවලමක් වන අතර ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම් විසින් නඩත්තු කිරීමේ තත්ත්වය අධීක්ෂණය කිරීම, වාර්තා ජනනය කිරීම, මූල්‍ය වාර්තාකරණ පද්ධති සඳහා නඩත්තු වියදම් නියාමනය, ඵලදායිතාව ඉහල නැංවීමට සහ රජයේ සහ වෙනත් රෙගුලාසි වලට අනුකූල වීම සහතික කිරීම සඳහා භාවිතා කරයි

eWorks පරිගණකගත නඩත්තු කළමනාකරණ පද්ධතිය අත්හදා බලන්න

නඩත්තු මෘදුකාංග භාවිතයේ වාසි

වැඩ ඇණවුම් කළමනාකරණය

නඩත්තු කළමණාකරණ මෘදුකාංගය භාවිතය තුල කඩදාසි භාවිතය අවම කරන අතර පද්ධතිය තුළ නිමාවූ වැඩ ඇණවුම් පහසුවෙන් නිරීක්ෂණය කිරීමට ඔබට ඉඩ සලසයි.

ඉක්මන් අලුත්වැඩියාව

නඩත්තු මෘදුකාංගයේ දත්ත ඇසුරින් අතීතයේ උපකරන ගැටලූ විසඳූ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් නැවත එවන් ගැටලුවක් සදහා අවශ්‍ය පිලිතුර ක්ෂණිකව ලබාගැනීමේ හැකියාව ඇත.

අමතර කොටස් කළමනාකරණය

නඩත්තු කළමනාකරණ මෘදුකාංග ස්වයංක්‍රීයව කොටස් ලේඛනය නිරීක්ෂණය කරයි, එවිට ඔබට සැපයුම්කරුවන් සහ වෙළෙන්දන් කළමනාකරණය කිරීමට, කොටස් ලේඛන මට්ටම් ප්‍රශස්ත කිරීමට සහ කොටස් ලේඛන පිරිවැය පාලනය කළ හැක. තවද, අමතර කොටස් මට්ටම නිශ්චිත අවමයකට වඩා අඩු නම් කොටස් නැවත ඇණවුම් කිරීම ආරම්භ කිරීම සදහා පරිශීලකයින්ට සහ සැපයුම්කරුවන්ට දැනුම් දීමට පද්ධතිය ඔබට සකසාගත හැක..

නව නඩත්තු උපාය මාර්ග නිර්වචනය

ඔබේ නඩත්තු කළමනාකරණ මෘදුකාංගය සොයාගත් දත්ත වාර්තා ජනනය කිරීමට සහ ප්‍රවණතා හඳුනා ගැනීමට භාවිතා කළ හැකිය. මෙම වාර්තා මඟින් ඔබට කුමන උපකරණ ගැටළු සහගතද, ඔබේ කණ්ඩායම කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න සහ පිරිවැය ඉතිරිකිරීමේ මාර්ග දක්වනු ලැබේ.

වැළැක්වීමේ නඩත්තු පාලනය

නඩත්තු කළමනාකරණ මෘදුකාංගය ස්වයංක්‍රීයව සැලසුම් කළ නඩත්තු පිලිබදව නඩත්තු කණ්ඩායම් දැනුවත් කරයි. මෙය කලින් සැලසුම් කළ කාර්යයන් සම්පූර්ණ කිරීම සහ එමගින් වැළැක්වීමේ නඩත්තු කටයුතු පහසු කරයි.

වඩා හොඳ උපලේඛනගත කිරීම

නඩත්තු කාර්ය්‍ය සීමිත කාල පරාසයකදී කළ යුතු අතර එය බොහෝ විට බොහෝ විට නඩත්තු කළමණාකරුගේ දක්ෂතාවය මත සහ කණ්ඩායමේ කාලය උපලේඛනගත කිරීම මත රඳා පවතී. නඩත්තු මෘදුකාංග මඟින් ඉදිරියට එන කාර්යයන් කල්තියා පෙන්වන බැවින් කාලය කලමණාකරනය කිරීමට පිටුවහලක් වේ.

උපකරන ක්‍රියාකාරී මට්ටමේ තබාගැනීම

උපකරණවල තත්වය සහතික වීම
නිෂ්පාදනය ඉහළ නැංවීම
ගුණාත්මකභාවය වැඩිකිරීම
උපකරන ආයු කාලය දීර්ඝ වීම

පිරිවැය පාලනය

නඩත්තු වියදම් අවමය සහ පාලනය
අමතර කොටස් පාලනය සහ සීමාව
වගකීම් පිරිවැය කළමනාකරණය

සේවා ස්ථානය ආරක්ෂිත හා කාර්යක්ෂම කිරීම

ක්‍රියා පටිපාටි ස්ථාපිත කිරීම
සිදුවීම් කළමනාකරණය
අනුකූලතාවයන් සත්‍යාපනය කිරීම
ලේඛන සහ බලපත්‍ර කළමනාකරණය.

පුද්ගලයින් සහ ක්‍රියාවලි කළමනාකරණය

සංවිධානය වීම
ශ්‍රම බලකාය හැසිරවීම
සේවක ඵලදායිතාව ඉහළ නැංවීම
කළමනාකරණයට වාර්තා යොමු කිරීම
සේවා සපයන්නන් කළමනාකරණය

 

 

si_LKසිංහල
si_LKසිංහල en_USEnglish